අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ල වෙසක් කූඩු තරඟයට අයදුම්පත් භාර ගැනීම මැයි 16 දක්වා

    මැයි 06, 2016
    2560 ශ්‍රි සම්බුද්ධ ජයන්ති වෙසක් සැමරුම් කලාපය කෑගල්ල නගරය කේන්ද්‍රව මෙම මස 21,22,23 තෙදින පැවැත්වීමට සියළු  කටයුතු මේ වන විට යොදා ඇතැ’යි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. එම්. අබේවික්‍රම වනසූරිය මහතා පවසයි.
    කෑගල්ල දිස්ත්‍රික්කයේ මහා සංඝරත්නයේ ආශිර්වාදය හා අනුශාසනා සහිතව දිස්ත්‍රික් දේශපාලන නායකත්වයේද පුර්ණ දායකත්වය සහිතව කෑගල්ල වෙසක් කලාපය පැවැත්වේ. 
     
    කෑගල්ල නගරය කේන්ද්‍රව පැවැත්වෙන වෙසක් කලාපය  වෙසක් තොරණ, පහන් කූඩු තරග, බෞද්ධ කොඩි ප්‍රදර්ශන, භක්ති ගීත ප්‍රදර්ශන ආදියෙන් සමන්විත වේ. 
     
    කෑගල්ල දිස්ත්‍රික්කයේ සියළු රාජ්‍ය ආයතන හා විවෘත මට්ටමින් පැවැත්වෙන පහන් කූඩු තරගයට සහභාගි වන්නන් විස්තර සහිත අයදුම්පතක් 2016.05.16 දිනට ප්‍රථම දිස්ත්‍රික් ලේකම් , වෙසක් පහන් කූඩු තරගය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, කෑගල්ල  යන ලිපිනයට එවිය යුතුය. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya