IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


ඔබට සුබ ගමන්

ඇගේ ‘අවසන් හෝරාව’ කාව්‍ය සංග්‍රහයට පසුවදනක් ලියන්නේ ඇය උපාධිය ලබාගත් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇගේ ඇදුරුතුමා, මහාචාර්ය ජේ.බී. දිසානායක

‘‘කොළඹ සරසවියට පිවිසි සමහර ශිෂ්‍ය මානවක මානවිකාවන්ට සරසවි දේවිතොමෝ වඩාත් කරුණාභරිත වූවාය. සරසවි වරම් ලබා දුන්නාය. ජයන්තා රුක්මණී සිරිවර්ධන මහත්මිය මේ ‘සරසවි වරම් ලත් එක්’ කිවිඳියකි. දැනටමත් ඈ අතින් නිමවුණු කාව්‍ය සංග්‍රහ කිහිපයකි. රුක්මණී සංවේදී හදවතක් ඇති කිවිඳියකි. කවර රටක කවර සමාජයක ගැහැනු මිනිසුන් සමග හිටියත් මනුෂ්‍යත්වයට පොදුවූ ධර්මතා ඈ සැණෙකින් හඳුනා ගත්තීය. කවර තැනක, කවර තනතුරක හිටියත් මනුෂ්‍යයාට සිදුවන අසාධාරණයක් කාව්‍ය සංකල්පනා බවට පත් කරන ඈ, ඒ සියල්ල මනහර පද යෝජනයෙන් රසිකයා හමුවට පමුණුවයි.’’

ඇගේ පොත් ගණනාවකට පෙරවදනක් හෝ පසුවදනක් ලියන්න මට ඇරියුම් ලැබුණා. දොරට වැඩුමේදීත් කතාත් පැවැත්තුවා. සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකරත් මමත් පොත් ගණනාවක් එළිදැක්වීමේ දී කතා කළා. අපි තුන්දෙනා ජයන්තාගේ පොත් ගැන කතා කරන නිත්‍ය කථිකයන්දැයි ඇසුවාම, ඇය අහිංසක ලෙස හිනාවුණා විතරයි.

බොහෝ පරිපාලන නිලධාරීන් පොදු ජනතාවට ඉහළ බව හිතාගෙන අහංකාරකම් පෑවත් ජයන්තා හැමවිටම මානව දයාවෙන් සිටි සැබෑ සිංහල බෞද්ධ කුල කාන්තාවක්. ඇය කිසිදාක අරුමෝසම් මෝස්තර කළේ නෑ. චාම් ඔසරියක් ඇන්ද ඇයට ගැළපෙන පරිදි කනකර ඇන්දා.

ජයන්තා 1995 දී ලියූ ‘අවසන් හෝරාව’ කාව්‍ය සංග්‍රහයට ඇය ලියූ කවියක් මම, කවිය ගැන කළ දේශනාවල දී මහත් සේ අගය කළා. ඒ බව දැනගත් ඇය මහත් සතුටකට පත් වුණා. ඇත්තටම ඒ කවිය ගැමි පරිසරයක හැදී වැඩී බුදු දහමින් ආභාසය ලැබූ සිංහල කාන්තාවක සතු සරාර්ථ මතු කළ කවියක්. සැබෑ කවියකු මතුවන්නේ ඔහු හෝ ඇය මතු කරන ඇගයීම් පද්ධතිය හරයාත්මක දෙයක් රසයක් එකතු වූ විට පමණයි.
ජයන්තා රුක්මණී සිරිවර්ධන කිවිඳිය ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ ඩයනා කුමරිය ප්‍රස්තුත කරගෙන ලියන ලද කවි පන්තිය ඇගේ සමාජ දැක්ම පළ කරන කදිම අවස්ථාවක් කියලයි මා හිතන්නෙ.

පිරිවර පෙරටුකොට රජ සැප     වින්දාය
නිදහස බිඳක් නැතිවම දුක       උහුලාය
තනිවම සුසුම් හෙළමින් රෑ      ඇඬුවාය
එහෙම වුණත් කුමරිය ලෙස      පතළාය

එදිනම දීග ගිය මද්දුම                නංගීට
ඇයට මගුල් නැහැ අපෙ    දුප්පත්කමට
පවුලම එකට ගයනා සීපද           හඬට
වන මල් පිපෙනවා ගමටම      නොදැනීම

රට්ටුන් මොන කතා අඬහැර     දැම්මාට
රජ වී වුණත් හිතකට දුක          ඉහිලීම
ගෑනුන් අපට උරුමයි නොවැ    හැමදාම
අපටත් වඩා නුඹ එය උහුලනු     කෝම?

සසරේ කොටපු දේ කාටත් උරුම  කොට
හඳමෙන් බැබලුනත් බැහැ නොව එය  ගන්ට
මද්දුම නගා හඳඑළියට ඔමරි       කොට
හිනා නඟන විට නුඹ ගැන දුකයි       මට

2016 පළ කළ ‘‘සමනල වරණය’’ පද්‍ය සංග්‍රහයේ ද එබඳුම තුලනයක් කරන අපූරු කවියක් ඇත. ‘ගමන හෙවත් ඇවිදීම’ ඩයනා කවි පෙළ සේම යටිපෙළ අරුතින් යුත් පබැඳුමකි. එම මාතෘකාවම සිද්ධියේ අවපැහැය මතු කිරීමකි. ගමනක ගමනාන්තයක් තිබේ. එහෙත් මේ ඇවිදීමට ගමනාන්තයක් නැතුවා සේය. පින් කරන මහත්වරුන්ගේ ගමන එකකි. පෙර පින් නැති අපේ ගමන තවෙකකි.

වන අලි මැද කැලෑ පාරෙ යා යුතුමය   ගමන
ලඳු - තැනි මැද අකුරු කරන්නට යා යුතු     ගමන
බසය නැතිව පයින් යන්නෙ අත මිට නැති   බැවින
දෙයියො බුදුන් සිහි කරගෙන රෑ පානෙත්     ගමන

රස මසවුළු - උදේ හවා අඩුවක් නැති බැවින
සුපිරි රථය මඟ නවතා පයින් යනෙන   ගමන
අධිපෝෂණ අඩුකරනා මහතුනි පිං      කරන
අපිනං මේ පයින් යන්නෙ පෙර පිං නැති  බැවින

ඔබේ හැම පොතකටම කීර්තන පාඨයක් (පසු වදනක්) ලියූ මට ඔබ පිළිබඳව පරම්මරණ ගුණ කථනයක් මෙච්චර ඉක්මනට ලියන්නට සිදුවේ යැයි හිතුවේ නෑ. ඒත් රෝ රකුසා ඔබ අකාරුණික ලෙස ඩැහැගෙන ගියා. මරණය නම් නියාම ධර්මයෙන් අප කාටවත් ගැළවෙන්න බෑ. ඔබේ වාරය ආවා. ඔබ නික්ම ගියා. අපේ වාරය එනතුරු අපත් බලාගෙන ඉන්නවා. ඔබට සුබ ගමන්.


(*** තිලකරත්න කුරුවිට බණ්ඩාර)



අදහස් (2)

ඔබට සුබ ගමන්

විජිත් Friday, 05 February 2021 10:43 PM

ඔබතුමියට උතුම් වූ නිවන් සුව පතමි....!!!

:       0       3

chinthaka Monday, 08 February 2021 05:18 PM

ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රංජිත් කුමාර පුංචි අවධියේ ‘‘පෝරිසාදයෙකි’’
2024 මැයි මස 13 217 0

එක දවසක් සෙල්ලමක් දුර දිග ගොස් රංජිත් ඥාති සහෝදරයකුට පොලු පහරක් දුන්නේය. ඔළුව පැළී ඉවරයක් නැතුව ලේ ගලන්නට විය. මොකක්දෝ වෙලාවකට එකල කොළඹ නගර සභාවේ සන්ත බ


සංස්කෘතික මිනිසෙකුගේ නික්මීම
2024 මැයි මස 13 293 0

ඒ.ඩී. රංජිත් කුමාරගේ ගම කොඩි ගහ යට ග්‍රෑන්ඩ් පාස් කොළඹ 14 ලොයාර්ඩ්ස් බ්‍රෝඩ්වේ හි කොස් ගස් හන්දියයි. එය අමු නගරයකි. වෙල් යායක්, කමතක් තබා හෙවණක් දෙන ගහක් කො


වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය
2024 මැයි මස 13 288 4

ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය


ඩයනා ගමගේ පුරවැසි සිද්ධිය දේශපාලනයට කැළලක්
2024 මැයි මස 13 711 2

මෙරට හිටපු සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමෙන් පසුව මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස


මිහිලියට හුස්මදෙන බළන්ගොඩ ව්‍යවසායකයා
2024 මැයි මස 11 1176 2

බළන්ගොඩ යන නම කියූ සැනින් අපට සිහි වනුයේ දෙස් විදෙස් සුපතල ලොව පරසිදුවූ බොහෝ ගෞරවාදරයට පත් පැවිදි උතුමෙක්ගේ නාමය හා තවත් ච‍රිත කීපයකි. දෙස් විදෙස් සුප


ආර්ථික අර්බුදයට උත්තරය
2024 මැයි මස 11 91 0

මැයි මස 3 වැනිදාට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස සඳහා වූ දිනය නිමිත්තෙන් දේශ සීමා රහිත වාර්තාකරුවෝ (Reporters Without Borders- Reporters Sans Frontiers-RSF) සංවිධානය වාර්ෂිකව නිකුත් කරන ජනමාධ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 656 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2173 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1875 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site